free web stats

අධි­ක­රණ ඇමැ­ති­ව­ර­යාට එරෙ­හි විශ්වා­ස­භං­ග­යට ආශී­ර්වාද කර­නවා

අධි­ක­රණ ඇමැ­ති­ව­ර­යාට එරෙ­හිව විප­ක්ෂය විශ්වා­ස­භං­ග­යක් ගෙන එන බවත් ඊට පිවි­තුරු හෙළ උරු­මයේ සහාය දක්වන බවත් එහි නායක, නීතිඥ උදය ගම්ම­න්පිල මහතා පැව­සූවා.

ඒ මහතා මෙසේ පැව­සුවේ එම පක්ෂ කාර්යා­ලයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමු­ව­කට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැව­සූවා.

2022 සිට 2026 දක්වා වසර හතර තුළ පම­ණක් බන්ධ­නා­ගා­රයේ සිටින සිර­ක­රු­වන් ගණන දෙගු­ණ­ය­කින් වර්ධ­නය වෙලා තිබෙ­නවා. මේ අය­ගෙන් 75%ක් රිමාන්ඩ් සිර­ක­රු­වන්. රිමාන්ඩ් සිර­ක­රු­වන් අත­රින් 80%ක් මත්ද්‍රව්‍ය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට පත් වූවන්.

මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් දක්ෂ නීති­ඥ­යන්ගේ සේවය ලබා­ගෙන නඩු­ව­ලින් නිද­හස් වෙනවා. අව­සා­න­යේදී හිරේ යන්නේ ඇබ්බැහි වූවන් විත­රයි කියලා මත්ද්‍රව්‍ය විරෝ­ධී­න්ගෙන් ලොකු චෝද­නා­වක් තිබුණා. ඒ නිසා අඩුම ගණනේ ජාවා­ර­ම්ක­රු­වන්ට ඇප ලබා­ගැ­නීම දුෂ්කර කර කරලා ඒ අයට යම් පීඩ­න­යක් එල්ල කළ යුතුයි කියලා මත්ද්‍රව්‍ය විරෝ­ධීන් විසින් දීර්ඝ කාල­යක් තිස්සේ ගෙනාපු මත­යට නීති­මය ඉඩක් හදන්න 2022දී රනිල් වික්‍ර­ම­සිංහ ආණ්ඩුව විසින් නීති සංශෝ­ධ­න­යක් ගෙනාවා.

ඒ නීති සංශෝ­ධ­නය අනුව මත්ද්‍රව්‍ය ශුද්ධ බර ග්‍රෑම් දෙකට වඩා වැඩියි නම් ඇප ලබා­ගත යුත්තේ අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන්. ග්‍රෑම් දෙකට වඩා අඩුයි නම් සුපු­රුදු පරිදි මහා­ධි­ක­ර­ණ­යෙන් ඇප ලබා­ගත හැකියි. මේ හරහා උත්සාහ කළේ ජාවා­ර­ම්ක­රුවා යාප­නයේ හිටි­යත් ඇප ලබා­ගන්න කොළඹ අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට පැමි­ණිය යුතුයි කියන විධි­වි­ධා­නය හදලා ජාවා­ර­ම්ක­රු­වන් මත දැඩි පීඩ­න­යක් එල්ල කරන්න.

දැන් මොන උසා­වි­යෙන්ද ඇප ඉල්ලන්න ඕනේ කියන එක තීර­ණය කරන්න නම් අත්අ­ඩං­ගු­වට පත්වුණු මත්ද්‍රව්‍ය ප්‍රමා­ණයේ ශුද්ධ බර ග්‍රෑම් දෙකට වැඩිද අඩුද කියන එක තීර­ණය කළ යුතුයි. ඒක තීර­ණය කිරීමේ හැකි­යාව තියෙන්නේ රස­ප­රී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට පම­ණයි. ඔන්න ඔය නිසා තමයි රස­ප­රී­ක්ෂක වාර්තා ප්‍රමාද වීමෙන් මේ ඇප ලබා ගැනීමේ අය­දු­ම්ප­ත්‍රය මොන උසා­වි­ය­ටද දාන්නේ කියන එක තීර­ණය කර­ගන්න බැරි වෙලා මත්ද්‍රව්‍ය වැර­දි­ව­ලට අදාළ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත සිර­ක­රු­වන් ගණන ශීඝ්‍ර­යෙන් වැඩි වීමක් සිද්ධ වුණේ.

2022 මේ නීතිය ගෙනා­වත් ඒ සම­ඟම ඇති වෙච්ච ආර්ථික අර්බු­ද­යත් එක්ක 2022 සිට 2024 දක්වා බඳවා ගැනීම් නතර කර­ලයි තිබුණේ. එහෙ­ම­නම් 2024 සිට මේ දක්වා මිලදී ගැනීම්, බඳවා ගැනී­ම්ව­ලට තිබුණු බාධාව 2024න් නතර වුණත්, 2024 සිට මේ දක්වා රස­ප­රී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ ධාරි­තාව වැඩි කරන්න අධි­ක­රණ ඇමැ­ති­ව­රයා අස­මත් වෙලා තියෙ­නවා. මේ ඇතුළු කරුණු රැසක් හේතු­වෙන් ගෙන එන මේ විශ්වා­ස­භං­ග­යට අපේ සහාය ලබා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *