free web stats

මුන් මෙත­නින් පන්නන දිනය ළඟ ළඟම එනවා

අවු­රුදු දෙක­කින් පස්සේ අපේ ආණ්ඩු­වක් එන බවත්, අපේ ආණ්ඩුව ආවාම සිය­ලුම නඩු නැවත අහලා ඒගොල්ලෝ හිරේ දාන දව­සක් එන බවත් පාර්ලි­මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක පැවසූවා.

ඔහු මේ බව පැව­සුවේ ඒකා­බද්ධ විප­ක්ෂය මඟින් කුරු­ණෑ­ගල පසු­ගි­යදා පැවැත්වූ රැස්වි­මට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රීවරයා.

“පගාව දීලා, තන­තුරු දීලා අපිව හිරේ දාන්න.
එකක් ලියලා තියා­ගන්න මහ­ත්තුරු. අවු­රුදු දෙකෙන් පස්සෙ, අපේ ආණ්ඩු­වක් ආවට පස්සේ නැවත ඒ සිය­ලුම නඩු අහලා ඒගොල්ලෝ හිරේ දාන දවස එනවා කියන එක මේ අව­ස්ථා­වේදී කියන්න ඕනෑ.

මේ රටේ පගාව දීලා, තන­තුරු දීලා පත්ක­රලා එහෙම මිනිස්සු හිරේ දාන්න ආපු කාලේ ඉව­රයි. මේ වේදි­කාවේ අපි කිය­නවා අපිට එකතු වෙමු. ජනා­ධි­පති කෙනෙක් ඕනනම් අපි හද­න්නම්. හැබැයි හදන කෙනා හදන අය එක­තු­වෙලා කියන්න ඕන නෑ. මම මේ සැරේ ජනා­ධි­පති, අපි ඔක්කොම එකතු වෙන්න ඕනි කියලා. එහෙම නැති මිනි­ස්සුන්ට ඕගොල්ලෝ එකතු වෙන්න එපා. එකතු වෙලා මේ රට හදන, මුන් එළ­වන, මුන් මෙත­නින් පන්නන දිනය ළඟ ළඟ එනවා. ඒකට සූදා­නම් වෙන්න.”

ගෝඨා­භ­ය­ටත් වඩා හොඳ­ටම කරන්න ආව වත්මන් ආණ්ඩු­වට මාස 18ක්. අපි පාර්ලි­මේ­න්තුවේ අත­ඇ­රියේ නැහැ. හිර­ගෙ­ද­රට ගෙනි­ය­නවා ගේනවා. මාසෙ­කට නඩු 4ක් අහ­නවා. එහෙම නඩු දාලා නඩු අහලා චාමර සම්පත්ව නතර කරන්න බැහැ. අපි ඕනම දේකට මුහුණ දෙන්න සූදා­නම්.

ජනා­ධි­පති සිහින තියෙන අයට මම කියලා තියෙ­නවා නපුරු කාල­වල ජනා­ධි­ප­ති­කම ගන්න එපා කියලා. ජේ.ආර්. ජනා­ධි­ප­ති­කම ගත්තේ වයස අවු­රුදු 77න්. හැටෙන් විතර ජනා­ධි­ප­ති­කම ගත්තම ආයෙ එන්න හිතෙ­නවා. ජේ.ආර් වගේ කළාම මැරෙ­න­කල් ඉන්න පුළු­වන්. ළඟදි උත්ස­ව­ය­ක­දිත් මම අපේ­ක්ෂ­ක­යෙක්ට කිව්වා හදිසි වෙන්න එපා කියලා. තරුණ වය­සෙදී ජනා­ධි­ප­ති­කම ගත්තාම කලින්ම මයිනා වෙනවා. ඒ නිසා තරුණ කාලේ ඕක ගන්න එපා. මෝදි තුන්පා­රක් අග­මැති වෙලත් ඔය ලස්ස­නට ඉන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *