ශ්‍රීලන්කන් කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.
ඒ අනුව, ඊයේ (20) සිට ජූලි 26 වන දින දක්වා කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා 1979 ක්ෂණික දුරකථන අංකය හරහා හෝ +94 11 777 1979 හෝ +94 74 444 1979 යන වට්ස්ඇප් අංකයට කෙටි පණිවුඩයක් යොමු කළ හැක.
එසේත් නොමැති නම් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක.

