free web stats

අමෙරිකාව සහ සවුදි අරාබිය අතර ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමක්

සිවිල් පරමාණුක වැඩසටහනක් සංවර්ධනය කිරීම සඳහා අවස්ථාව සලසා දෙමින් අමෙරිකාව සහ සවුදි අරාබිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ ගිවිසුම සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක් ලෙස හඳුන්වා දෙමින් අමෙරිකාවේ බලශක්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එමඟින් අමෙරිකානු සමාගම්වලට සවුදි අරාබියට ප්‍රවේශවීමට විශාල අවස්ථාවක් ලැබෙන බවයි.

ගිවිසුමට ඇතුළත් කරුණු මෙතෙක් අනාවරණය නොවූවද, එය සමාලෝචනය කිරීම සඳහා අමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අමෙරිකානු මාධ්‍ය සඳහන් කර ඇත්තේ එම ගිවිසුම යටතේ සවුදි අරාබියට යුරේනියම් නිස්සාරණය කිරීමට අවසර ලැබෙන බවයි.

න්‍යෂ්ටික වැඩසටහන තුළින් සවුදි රජයට විදුලි බලාගාර සඳහා ඉන්ධන ලෙස භාවිත කිරීමේ හැකියාවද ලැබෙන අතර, එම ගිවිසුම අමෙරිකාව විසින් අත්සන් තැබූ පෙරළිකාර ගිවිසුමක් බව න්‍යෂ්ටික විශේෂඥයන් ප්‍රකාශ කර තිබෙනවා.

ආර්ථික සහ උපාය මාර්ගික අරමුණු කිහිපයක් පෙරදැරිව සිදු කර ඇති එම ගිවිසුම්ගතවීම ඉදිරි දශක ගණනාවක කාලයකට ඩොලර් බිලියන ගණනක හවුල්කාරිත්වයක් වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *