මත්ද්රව්ය පාලනය කිරීම බන්ධනාගාර තුළ ඇතිවන තත්ත්වයට එක හේතුවක්
බන්ධනාගාර තුළට මත්ද්රව්ය ගෙනායාම මුළුමනින්ම පාහේ පාලනය කිරීම බන්ධනාගාර තුළ මතුවෙනව නොසන්සුන්කාරී තත්වයට හේතුවක් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා පවසනවා.
“ඉවත්වනු මත්ද්රව්ය පාලන වැඩසටහන තුලින් මත්ද්රව්ය සැපයුම දැඩි ලෙස පාලනය කිරීම සහ බන්ධනාගාර තුළට මත්ද්රව්ය සහ තහනම් ද්රව්ය ඇතුලට ගෙනයාම දැඩිලෙස පාලනය කිරීම මෙම තත්වයට හේතුවක්” බව ඔහු පැවසූවා.
ගැටුම් ඇතිකරන්නේ මෙම මත්ද්රව්ය ජාවාරම්කරුවන් විසින් සංවිධානාත්මකව ද යන්න පිලිබඳ සැකයක් පවතින බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව ද ඔහු වැඩ්දුරටත් පැවසූවා.

