free web stats

සිර­ද­ඬු­ව­ම­කින් පුද්ග­ල­යෙ­කුගේ නිද­හස අහිමි වූවන් ගරු­ත්වය අහිමි වන්නේ නැහැ

බන්ධ­නා­ගාර පද්ධ­ති­ය­කට තාව­කා­ලික පැලැ­ස්තර යෙදීම නතර කොට එම පද්ධ­තිය ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට රජය වහා පිය­වර ගත යුතු බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පව­සනවා.

ඒ සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වම්න් නාමල් රාජ­පක්ෂ මහතා පැවසූවේ

“සති කිහි­ප­යක් ඇතු­ළත බන්ධ­නා­ගා­ර­යක් තුළ වාර්තා වූ දෙවන ප්‍රධාන නොස­න්සු­න්තාව මෙයයි. මේවා තව­දු­ර­ටත් තනි සිදු­වීම් ලෙස බැහැර කළ නොහැ­කියි. මෙය අය­හ­පත් කළ­ම­නා­ක­ර­ණය, නොසැ­ල­කි­ලි­ම­ත්කම සහ දැඩි පීඩ­න­ය­කට ලක්ව ඇති බන්ධ­නා­ගාර පද්ධ­ති­යක සෘජු ප්‍රති­ඵ­ල­යක්. මෙය තව­දු­ර­ටත් එක් හු‍දෙකලා සිදු­වී­මක් පම­ණක් නොවේ. මෙයින් පිළි­ඹිඹු වන්නේ දුර්වල කළ­ම­නා­ක­ර­ණය, නිසි නාය­ක­ත්ව­යක් නොමැ­ති­වීම සහ පිරි­හී­මට ඉඩ හැර ඇති බන්ධ­නා­ගාර පද්ධ­ති­යක ඛේද­වා­ච­ක­යයි.

අප හමුවේ මෙවැනි අර්බු­ද­යක් දිග­හැ­රෙ­මින් පව­තිද්දී පවා, අද­ටත් බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව පව­ත්වා­ගෙන යන්නේ ස්ථිර බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යෙකු පත් කර නොමැ­ති­වයි. මෙත­රම් තීර­ණා­ත්මක තන­තු­රක් සඳහා තව­මත් සුදුසු අයකු නිසි පරිදි පත්කර නැහැ. අම­තර ආර­ක්ෂක බළ­ඇණි යෙද­වී­මෙන් එක් දින­කට තත්ත්වය පාල­නය කර­ගත හැකි වුවද, එයින් ගැට­ලුව නිරා­ක­ර­ණය වන්නේ නැහැ.

බන්ධ­නා­ගා­ර­වල පව­තින අධික තද­බ­දය, ප්‍රමා­ණ­වත් පහ­සු­කම් නොපැ­ව­තීම, අස­තු­ටු­දා­යක සෞඛ්‍ය සේවා සහ අර්ථ­වත් පුන­රු­ත්ථා­පන වැඩ­පි­ළි­වෙ­ළක් නොමැ­ති­කම පිළි­බ­ඳව වහා අව­ධා­නය යොමු විය­යුතු වෙනවා. සිර­ද­ඬු­ව­ම­කින් පුද්ග­ල­යෙ­කුගේ නිද­හස අහිමි වන නමුත්, ඔහුගේ ගරු­ත්වය අහිමි වන්නේ නැහැ. ආය­ත­නික වශ­යෙන් සම්පූ­ර්ණ­යෙන්ම අසා­ර්ථක වී ඇති බන්ධ­නා­ගාර පද්ධ­ති­ය­කට තාව­කා­ලික පැලැ­ස්තර යෙදීම නතර කර, එම පද්ධ­තිය ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට රජය වහා පිය­වර ගත­යුතු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *