free web stats

යතුරුපැදි සඳහා ප්‍රධාන මාර්ගවලට විශේෂ මංතීරුවක්

මෙරට ප්‍රධාන මාර්ගවල යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමට පියවර ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එහි පළමු අදියර කලවංචිකුඩි නගරයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

වාර්ෂිකව මෙරට සිදුවන රිය අනතුරුවලින් බහුතරයක් යතුරුපැදි අනතුරු බැවින් එය අවම කිරීම සඳහා මෙම විශේෂ මංතීරුව හඳුන්වා දෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළා.

“ලංකාවේ සාමාන්‍යයෙන් මිනිස්සු 2,500ක් විතර මාර්ග අනතුරුවලින් මියයනවා. 2025 දී 2,750ක් මැරිලා තියෙනවා. යතුරුපැදිවල ඉස්සරහා සහ පිටුපස යන දෙගොල්ලන්ගෙන්ම 2019 දී 1,400ක් මියගිහින් තියෙනවා. මේ අවුරුදු ට්කට 9,000ක් නැති වෙලා තියෙනවා යතුරුපැදිවල ගිහින්. ලංකාවේ රථ වාහන අනතුරු සහ මරණ නැති කරන්නම් යතුරුපැදි භාවිතය ගැන ඇති වෙලා තියෙන ගැටලුව විසඳන්න ඕනේ. අපි ලංකාවේ පළවෙනි පාරට කලවංචිකුඩි නගරයේ යතුරුපැදි සඳහාම මංතීරුවක් ප්‍රධාන පාරේ කොටසක් අපි වෙන් කරනවා. සුදු ඉරකින් නෙමෙයි බ්‍රේකර්ස් දාලා හදනවා. මොකද ඒ පැත්තේ යතුරුපැදි ටිකක් වැඩියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *