හැටන් – කොළඹ මාර්ගයේ කොටසක් ගිලාබැසීමේ අවදානමක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවදානමකට ලක් වී ඇති බව නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු ඒ.එම්.සාධික් මහතා පැවසූවා.
ගිලාබැසීමේ අවධානමකට ලක් වී ඇති ස්ථානයේ රථවාහන ගමනාගමනය එක් මන්තිරුවකට සීමාකර ඇති බව සඳහන් වෙනවා.
මේ අතර, පවත්නා දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා රථවාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස විධායක ඉංජිනේරුවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

