free web stats

මෙම වසරේදී පොලී අනුපාත ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නෑ

මෙම වසරේදී තවදුරටත් පොලී අනුපාත ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ රොයිටර් පුවත් සේවය සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, උද්ධමනය පාලනය කරමින් ආර්ථික වර්ධනයට බාධාවක් නොවන ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වාගෙන යාම අරමුණ බවද ඔහු එහිදි සඳහන් කළා.

ඉරාන යුද තත්ත්වය හේතුවෙන් ඇති වූ උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා පසුගිය මැයි මාසයේදී මහ බැංකුව පොලී අනුපාත පදනම් ඒකක 100කින් ඉහළ නැංවූ අතර, එය වසර තුනකට වැඩි කාලයකින් පසු සිදුකළ පළමු පොලී අනුපාත ඉහළ නැංවීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *