free web stats

ඉන්දුනීසියාවේ භූකම්පනයක්

ඉන්දුනීසියාවට අද (15) අලුයම ඇතිවූ භූකම්පන තත්ත්වයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගනු ලැබුවා.

භූකම්පන තත්ත්වයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 අගයන්වලින් යුත් පසුකම්පන 3ක්ද හටගෙන තිබූ අතර ඒ අනුව එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් පසුව එම සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කිරීමටද එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය කටයුතු කර තිබෙනවා.

ඉන්දුනීසියාවට බලපෑ මෙම භූ කම්පන තත්ත්වයෙන් පසුව නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇඟවීම් අනුව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එහි සඳහන් ඇත්තේ භූකම්පනයෙන් රටට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණද මෙරටට එම තත්ත්වයේ බලපෑමක් නොමැති බවයි.

ඒ අනුව මෙරටට එහි අවදානමක් නොමැති සඳහන් කර ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මේ අනුව මෙරට මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *