free web stats

අධිවේගයේ ගමන් ගන්නා වාහන වලට ආසනපටි අනිවාර්යයි

සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය බව පොලීසිය පවසනවා.

අධිවේගයේ රියදුරන්ට සහ මගීන්ට ආසනපටි පැලඳීම ගැන විශේෂ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසා සිටියේ, සියලු මගීන් ආසනපටි පැලඳීම අනිවාර්ය වන අතර එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි.

ආසනපටි නොමැතිව ගමන් කරන පුද්ගලයෙකුට රු 1,000ක දඩ මුදලක් පැනවිය හැකි බවද ඒ මහතා පැවසූවා.

අධිවේගී බස් රථවල ආසනපටි නොපැලඳ සිටින මගීන්ගෙන් එම දඩ මුදල අයකර ගැනීමට නීතිමය හැකියාවක් පවතින බවද පැවසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා, ආසනපටි පැලඳීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකික ජනතාව දැඩිව තේරුම් ගත යුතු බවද කියා සිටියා.

සියලුදෙනාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, මේ වනවිට සිදුවන අනතුරුවලින් ආසනපටි නොමැති වීමෙන් සිදුවන ජීවිත හානි ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසූවා.

මේ අතර, – මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, මංජුල කුලරත්න මහතා පවසා සිටියේ, ආසන පටි නොමැති වාහන සඳහා ආසනපටි සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලයද සැප්තැම්බර් මස 19 වන දිනෙන් අවසන් වන බවයි.

2025 සැප්තැම්බර් මස 25 දින නිකුත් කළ 2455/29 දරණ ගැසට් නිවේදනය අනුව අධිවේගයේ සියලු වාහන සඳහා ආසනපටි පැලඳීමේ නීතිය ක්‍රියාත්මක වීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *