free web stats

සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයේ ඇති තුවාල තත්ත්වයක් වර්ධනයවීමත් සමඟයි.

ඒ අනුව ඊයේ (21) දිනයේ ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවට තොරතුරු වාර්තා වෙයි.

රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සුගීෂ්වර බණ්ඩාර මහතාව අත්අඩංගුවට ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *