උසේන් බෝල්ට් අභිබවා ගිය චීනයේ මානවරූපී රොබෝ
ජැමෙයිකාවේ සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් තබා තිබූ මීටර් 100 පිරිමි ලෝක වාර්තාව අභිබවා යාමට චීනයේ නිෂ්පාදිත මානවරූපී රොබෝවරයෙකු සමත්ව තිබෙනවා.
බෙයිජිං නුවර පැවැත්වීමට නියමිත ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උළෙලට (World Humanoid Robot Games) පෙර පැවැති පරීක්ෂණ තරගයකදී “Lightning” නම් මෙම රොබෝවරයා තත්පර 9.39 කින් මීටර් 100 සීමාව පසුකර ඇත.
චීනයේ Honor සමාගම විසින් මෙම රොබෝවරයා නිෂ්පාදනය කර තිබේ.
මෙම පරීක්ෂණ ධාවනයේදී රොබෝවරයා තත්පරයට මීටර් 14.5 ක උපරිම වේගයක් වාර්තා කිරීමට සමත් වූ බව චීන මාධ්‍ය වාර්තා කරයි.
2009 වසරේ බර්ලින්හි පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී උසේන් බෝල්ට් තැබූ තත්පර 9.58ක ලෝක වාර්තාවට වඩා මෙය තත්පර 0.26 කින් වේගවත් වීම විශේෂත්වයකි.
මීට පෙර පැවැති බෙයිජිං අර්ධ මාරතන් තරගාවලියේදී කිලෝමීටර් 21ක දුරක් මිනිත්තු 50 යි තත්පර 26 කින් නිම කිරීමට ද මෙම “Lightning” රොබෝවරයා සමත් විය.

