බ්‍රිතාන්‍ය අගමැති යුක්රේනයට
බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හම් යුක්රේනයේ සංචාරයකට එක්වූ බව වාර්තා වේ.
පසුගිය මාසයේදී බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහුගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර, යුක්රේනයට දුරදිගු මිසයිල නිෂ්පාදනය කිරිම සඳහා සහයෝගය ලබාදීම ඔහුගේ සංචාරයේ මූලික අරමුණ බව වාර්තා වේ.
රුසියාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරිමට හමුදාමය සහාය ලබා දෙමින් සිටින බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ යුක්රේන සංචාරය රුසියාවේ මෙන්ම සෙසු රටවලත් දැඩි අවධානයට ලක්වී තිබේ.
සිය සංචාරය අතරතුරදී ඔහු යුක්රේනයේ නිදහස් සැමරුම් උත්සවයට එක්වීමට නියමිත අතර, බ්‍රිතාන්‍ය ජනතාව යුක්රේනය වෙනුවෙන් දක්වන සහයෝගය අගයමින් ඔහුට සම්මානයක් පිරිනැමීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේනයට පැමිණි බ්‍රිතාන්‍ය අගමැතිවරයා කීෆ් අගනුවර ජාතික හමුදා අනුස්මරණ සුසාන භූමියේ පැවති උත්සවයකදී මියගිය යුක්රේන සෙබළුන්ගේ සොහොන් මත පුෂ්පෝපහාර දැක්වූ බව වාර්තා වේ.
රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්රේනයට පූර්ණ සහයෝගය පළ කරන බව ප්‍රකාශ කර ඇති ඇන්ඩි බර්න්හම් හිටපු අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ගේ පාලන සමයේදී බ්‍රිතාන්‍යය හා ප්‍රංශය එක්ව පිහිටුවන ලද යුක්රේන පාර්ශ්ව සන්ධානයේ පළමු රැස්වීමේදී මුලසුන දැරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

