free web stats

අධිවේගී මාර්ග කිහිපයක රථවාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ පිටවීමේ ස්ථාන කිහිපයක මේ වනවිට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිටවීම, පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත පිටවීම මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම සහ යග්ගපිටිය පිටවීම ආසන්නයේ මෙලෙස රථවාහන තදබදයක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන්ට අවධානයෙන් සහ සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *