free web stats

නේපාලයේ ජල ගැලීමෙන් මියගිය ගණන ඉහළට

නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගංවතුරෙන් තවත් 400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති අතර අතුරුදන් වු වැඩි දෙනෙකු විදෙස් සංචාරකයින් බව වාර්තා වේ.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර මලයාසියානු, අමෙරිකානු, ඔස්ට්‍රේලියානු, අප්‍රිකානු රටවල සංචාරකයින් ද ඒ අතර වන බව සඳහන්වේ.

නේපාල සහ ටිබෙට් දේශසීමාව ආසන්නයේ භූමිකම්පාවක් ඇති වීමත් සමඟ හිම කඳු නායගොස් හිම දිය වී බොටේ කොෂි නැමති ගංගාව එකවර පිටාර ගැලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගංගාව පිටාර ගැලීමත් සමග ප්‍රචණ්ඩ සැඩ ජලපහර කත්මණ්ඩු අගනුවරට උතුරෙන් පිහිටි රසූවා ප්‍රදේශයට පැමිණ ඇති අතර එහි ගම්මාන රැසක් ජලයෙන් සම්පුර්ණයෙන්ම යටවී තිබුණා.

සැඩ පහරට හසුව බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින අතර ඔවුන් සෙවීම සඳහා විශේෂ සහන කණ්ඩායම් යොදවා ඇති බව නේපාල රජය ප්‍රකාශ කර තිබෙනවා.

හටගත් මෙම ව්‍යසනයත් සමඟ ඉන්දියාව ඇතුළු රටවල් රැසක් ද කඩිනම් සහන කණ්ඩායම් නේපාලය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ද මෙම විපත සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇති අතර කඩිනමින් නේපාලයට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා පියවර ගන්නා බව සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *