free web stats

2016 සිට 2024 දක්වා මන්ත්‍රීවරුන් රට යන්න කෝටි 20ක් ව්යදම් කරලා

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් 451 දෙනකු සහ නිල­ධා­රින් 115 දෙනකු 2016 සිට 2024 දක්වා පාර්ලි­මේන්තු කාල සීමා­වේදී රුපි­යල් 265,861,400ක මුද­ලක් වැය කර විදේ­ශීය පුහුණු හා සංචාර සඳහා සහ­භාගි වී ඇතැයි ජාතික විග­ණන කාර්යා­ලය නිකුත් කළ වාර්තා­වක දැක්වෙනවා.

එසේ විදේශ සංචා­ර­ව­ලට පිරිස් සහ­භාගි වුවත් ඔවුන් ලබා­ගන්නා දැනුම හා අත්දැ­කීම් සන්නි­වේ­ද­නය කිරී­මට ක්‍රම­වත් වැඩ­පි­ළි­වෙ­ළක් නොමැති වීම සම්බ­න්ධ­යෙන් නිරී­ක්ෂ­ණය වූ බවද එම වාර්තාවේ සඳ­හන් කර ඇත.

එම වාර්තා­වට අනුව විදෙස් සංචාර සඳහා පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් 451 දෙනකු වෙනු­වෙන් රුපි­යල් 208,932,986ක් වැය වී ඇති අතර පාර්ලි­මේන්තු නිල­ධා­රින් 115 දෙනකු වෙනු­වෙන් රුපි­යල් 56,928,414ක් වැය වී තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩ­ලයීය පාර්ලි­මේන්තු සංග­ම­යෙහි කට­යුතු සඳහා 2016 සිට 2024 දක්වා අවස්ථා 49කදී මන්ත්‍රී­ව­රුන් 93 දෙනකු සහ­භාගි වී ඇති අතර ඒ සඳහා රුපි­යල් 66,643,548ක් වැය වී ඇත. ඒ සඳහා අවස්ථා 27දී නිල­ධා­රින් 27 දෙනකු සහ­භාගි වී ඇති අතර රුපි­යල් 24,614,648ක මුද­ලක් වැය කර ඇත.

අන්තර් පාර්ලි­මේන්තු සංග­මයේ කට­යුතු සඳහා 2016 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා අවස්ථා 62දී මන්ත්‍රී­ව­රුන් 313 දෙනකු සහ­භාගි වී ඇති අතර ඒ සඳහා රුපි­යල් 135,859,662ක් වැය වී ඇත. මේ සඳහා අවස්ථා 48දී නිල­ධා­රින් 75 දෙනකු සහ­භාගි වී ඇති අතර රුපි­යල් 30,639,479ක මුද­ලක් වැය වී ඇත.

සාර්ක් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ කට­යුතු සඳහා 2016 වර්ෂයේ සිට 2024 දක්වා අවස්ථා 10දී මන්ත්‍රී­ව­රුන් 45 දෙනකු සහ­භාගි වී ඇති අතර ඒ සඳහා රුපි­යල් 6,429,776ක් වැය කර තිබේ. මේ සඳහා අවස්ථා 8කදී නිල­ධා­රීන් 13 දෙනකු සහ­භාගි වී ඇති අතර රුපි­යල් 393,554ක් වැය කර ඇත.

ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ විදේශ සම්බ­න්ධතා හා සන්ධාන කාර්යා­ලය මඟින් පොදු රාජ්‍ය මණ්ඩ­ලයීය පාර්ලි­මේන්තු සංග­මය, අන්තර් පාර්ලි­මේන්තු සංග­මය, සාර්ක් පාර්ලි­මේන්තු සංග­මය යන සංගම් තුනක් පවත්වා ගෙන යයි.
මෙම සංගම් තුනෙහි පාල­නය ඒ ඒ සංගම් තුනට අදාළ පාර්ලි­මේ­න්තු­වෙහි අනු­මත ව්‍යවස්ථා තුනක් මඟින් සිදු­වන අතර දේශීය සම්ම­න්ත්‍රණ හා වැඩ­මුළු ආදිය සංවි­ධා­නය කිරීම, ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ හා වැඩ­මුළු සඳහා නියෝ­ජි­ත­යන් සහ­භාගි කර­වීම, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් හා කාර්යය මණ්ඩ­ලය සඳහා විදේශ සංචාර සඳහා අවශ්‍ය පහ­සු­කම් සැප­යීම, විදේ­ශීය නියෝ­ජි­ත­යන් පිළි­ගැ­නීම වැනි කාර්ය­යන් මෙම සංගම් මඟින් ඉටු කරයි.
තවද විදේ­ශීය රට­වල නව දැනුම ලබා ගැනීම, අත්දැ­කීම් බෙදා හදා ගැනීම, කුස­ලතා සංව­ර්ධ­නය සහ හොඳම පිළි­වෙත් අනු­ග­ම­නය කිරීම මඟින් එම සාධ­නීය තත්ත්වය පාර්ලි­මේන්තු ක්‍රිය­ව­ලිය තුළ යොදා ගැනීම ද මෙම­ඟින් සිදු කෙරෙයි.

කෙසේ වෙතත් පාර්ලි­මේ­න්තුවේ නිල­ධා­රීන්ට වැටුප් වර්ධක ලබා­දී­මේදී අනෙ­කුත් රාජ්‍ය නිල­ධා­රීන් අබි­බවා විශේෂ ප්‍රති­ලාභ ලබා­දී­මට හේතු විග­ණ­න­යේදී නිරී­ක්ෂ­ණය නොවූ බවද එම වාර්තාවේ සඳ­හන්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *