ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ
ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (28) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වෙනවා.
තරග 15කින් සමන්විත තරගාවලියේ සියලුම තරග මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.
කණ්ඩායම් 8ක් එක්වන තරගාවලියේ මූලික වටය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, වත්මන් ශූරියන් වන ශ්‍රී ලංකාව සමඟ
සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්ය්ය, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙනවා.
ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය සහ හොංකොං ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.
මූලික වටයේ තරග ලබන මස 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර, අනතුරුව ඒ ඒ කාණ්ඩවල ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක බැගින් ලබන මස 10 සහ 11 දිනවල අවසන් පූර්ව වටයට එක්වනු ඇත.
තරගාවලියේ අවසන් මහ තරගය 13 වැනිදා පැවැත්වේ. ශ්‍රී ලංකා පිල තරගාලිය ආරම්භ කරමින් හෙට (29) සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරග වදින අතර, දෙවැනි තරගය එළඹෙන 2 වැනිදා ඉන්දුනීසියාවට එරෙහිවත්, මූලික වටයේ අවසන් තරගය 6 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වේ.
මෙවර තරගාලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනකුගෙන් යුත් සංචිතයක් එක් වන අතර, සුපුරුදු පරිදි නායකත්වය චමරි අතපත්තුට හිමිව තිබේ. උප නායිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකාවේ මූලික වටයේ තරග
හෙට (29): ශ්‍රී ලංකාව – එමීර්
සැප්. 2 දා: ශ්‍රී ලංකාව – ඉන්දුනීසියාව
සැප් 6 දා: ශ්‍රී ලංකාව – බංග්ලාදේශය

