free web stats

ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාර

ඉරානයේ ලාරක් දූපතට අමෙරිකා එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස, ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ පරිදි මෙම මිසයිල ප්‍රහාරයන්ගේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව ඇත්තේ ජෝර්දානයේ පිහිටි ‘කිං හුසේන්’ සහ ‘අල් අස්රක්’ යන ඇමෙරිකානු හමුදා කඳවුරු වේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි ඉරානයට අයත් ලාරක් දූපත වෙත අමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල කර තිබුණේ ඉරානය විසින් නාවික බිම්බෝම්බ හෙළීමට සූදානම් වන බවට චෝදනා කරමිනි.

එම ප්‍රහාරයට නියත වශයෙන්ම දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවට ඉරාන ආරක්ෂක අංශ මීට පෙර නිවේදනය කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *