රවී කරුණානායක අත්අඩංගුවට -Update
හිටපු අමාත්ය රවී කරුණානායක, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහු අද (31) අල්ලස් කොමිසම හමුවට පැමිණ ප්රශ්න කර ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි.
රවී අද අල්ලස් කොමිසම හමුවට
පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (31) දිනයේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්රකාශයක් ලබාදීමටයි.
එම විමර්ශනයට අදාළව ප්රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මන්ත්රීවරයාට පසුගියදා දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් පෙරේදා මන්ත්රීවරයාගේ නිවස වෙත ගොස් තිබුණා.
එම අවස්ථාවේ දී ද මන්ත්රීවරයා නිවසේ සිට නොතිබුණු අතර සිය දියණියගේ විවාහ මංගල්යයට අදාළ කටයුතු හේතුවෙන් කොමිසමේ පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස රවී කරුණානායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලා තිබූ බව සඳහන් වේ.
ඒ අනුව, රවී කරුණානායක මන්ත්රීවරයා අද දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව ඔහුගේ නීතිඥවරුන් සඳහන් කර ඇත.

