free web stats

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ අවසන් කටයුතු සිදුවන්නේ මෙහෙමයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

ඒ මහතාගේ දේහය අද (02) පස්වරුවේ බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනවිත් එහි තැන්පත් කෙරෙනු ඇත.

කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබුණා.

මියයන විට ප්‍රියංකර පෙරේරා මහතා 64 වන වියේ පසුව්ය.

ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ජේ.ඒ මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයකු වූ ප්‍රියංකර පෙරේරා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනය කර ඇති අතර රංගන ශිල්පියෙකු ලෙසද සිය දායකත්වය ලබාදී තිබෙනවා.

ප්‍රියංකර පෙරේරා මහතා චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *