free web stats

2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (2) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකි වේ.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉකුත් අගෝස්තු මස 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණා.

ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් ලෙස සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *