විශ්වවිද්යාල ආචාර්වයරු අද විරෝධයේ
විශ්වවිද්යාල පද්ධතියේ පවතින ගැටලු සඳහා ස්ථීර විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් සියලුම රාජ්ය විශ්වවිද්යාල ආචාර්වයරු අද (02) විරෝධතාවයේ නිරත වීමට තීරණය කර ඇති බව විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.
එම සම්මේලනයේ ලේකම් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, මේ සඳහා විසඳුම් ලබාදීමට අපොහොසත් වන්නේ නම් එළැඹෙන සතිය තුළ මෙම විරෝධතා තවදුරටත් තීව්ර කිරීමටද කටයුතු කරන බවයි.

