free web stats

කුසල් මෙන්ඩිස්ට එංගලන්ත T20 අහිමි වෙයි

එළඹෙන එංගලන්ත තරග සංචාරයේ දී විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක කුසල් මෙන්ඩිස් සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

ඒ අනුව එම තරගාවලියේදී චරිත් අසලංක ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කරනු ඇති බවයි ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලියක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර එහි පළමු විස්සයි විස්ස තරගය ලබන 15 වනදා ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් පසුගිය එල්පීඑල් තරගාවලියේදී ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් මෙම විස්සයි විස්ස තරගාවලි සඳහා නම් කෙරුණ ද ඔහු එම තරගාවලි සඳහා එක්නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායක කණ්ඩායමට කැඳවා තිබෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *