free web stats

22 ගැන පාර්ලිමේන්තු විවාදයට දින දෙයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

අද (10) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත් දෙකෙහි දෙවනවර කියවීමේ විවාදය එදිනට පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *