free web stats

IMF නියෝජිතයින් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (10) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ හත්වන සමාලෝචනය සඳහා එම කණ්ඩායම දිවයිනට පැමිණෙනු ඇති බවට සඳහන්වේ.

දිවයිනට පැමිණෙන මෙම නියෝජිත පිරිස ලබන 23 දක්වා මෙරට රැඳීසිටීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ප්‍රධානී ඉවාන් පැපජෝර්ජියෝ මෙම කණ්ඩායම මෙහෙයවනු ලබයි.

දිවයිනේ රැඳීසිටින කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන්, මුල්‍ය ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *