free web stats

ඉරානය සමඟ යුද්ධය අවසන් වන හැට් ට්‍රම්ප් කියයි

ඉදිරි අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් අනතුරුව ඉරානය සමඟ පවතින යුද්ධය ‘වහාම’ අවසන් වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

රිපබ්ලිකන් මධ්‍යවාර මැතිවරණ සමුළුවකට සහභාගී වීම සඳහා ටෙක්සාස්හි ඩලස් බලා පිටත්වීමට පෙර මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් චෝදනා කළේ, වොෂින්ටනයේ දේශපාලන බලය වෙනස් වුවහොත් ඉරානයට වඩාත් ලිහිල් පාලනයක් යටතේ සිය න්‍යෂ්ටික අවි වැඩසටහන ඉදිරියට ගෙන යා හැකි බවට බලාපොරොත්තු වන බවයි.

මැතිවරණයට බලපෑම් කරමින් වත්මන් පාලනය වෙනුවට තමන්ට ‘දුර්වල’ යැයි සැලකෙන පිරිසක් බලයට පත් කර ගැනීමට ටෙහෙරානය උත්සාහ කරන බවද ඔහු පැවසූවා.

යුද්ධය මැතිවරණයෙන් පසුව මෙතරම් ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් විශ්වාස කරන්නේ මන්දැයි විමසූ අවස්ථාවේදී ට්‍රම්ප් සඳහන් කළේ, ඉරානයට තවදුරටත් සටන් කිරීමේ හැකියාව නොමැති බවයි.

ඉරානය සිය විකල්ප අවසන් වෙමින් පවතින තත්ත්වයක සිටින බව පෙන්වා දුන් ඔහු, මැතිවරණයේ ප්‍රතිඵලයට බලපෑම් කිරීම සඳහා ටෙහෙරානය දැඩි උත්සාහයක නිරත වන බවටද චෝදනා කළේය.
එමෙන්ම, ඉරානයේ ප්‍රධාන අරමුණ න්‍යෂ්ටික අවියක් ලබාගැනීම බවත්, එවැනි අවියක් ඔවුන් සතු වුවහොත් මුළු ලෝකයම දැඩි අවදානමකට මුහුණ දෙනු ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *