free web stats

ගල්අඟුරු ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ දැන් තත්ත්වය

ගල් අඟුරු ගනුදෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම ගල් අඟුරු මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදන කමිටුවල නිලධාරින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා.

එම කොමිසම සඳහන් කළේ, ඊයේ(08) දිනයේ ප්‍රසම්පාදන කමිටු නිලධාරින් 04 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.

මේ වනවිට රාජ්‍ය නිලධාරින් 50 දෙනෙකුගෙන් පමණ කොමිසම ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

ගල් අඟුරු ගනු දෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට, මේ වනවිට පැමිණිලි 28ක් ලැබී තිබේ.

කොමිසමේ විවෘත සාක්ෂි විභාගය ජුලි මස මුල සතියේ ආරම්භ කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *