free web stats

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ලබන මාසයේ පාකිස්තාන සංචාරයක්

ශ්‍රී ලංකා පිල ලබන ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිතයි.

මෙහිදී දෙපිල අතර විස්සයි20 සහ ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන අතර, තරගාවලි දෙක මැද දී එංගලන්ත කණ්ඩායමේ ද සහභාගිත්වයෙන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා.

මේ තරගාවලි ත්‍රිත්වයේ නිල කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ඊයේ නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලිය ඔක්තෝබර් 9, 11 සහ 13 දිනවල රාවල්පින්ඩිහිදී පැවැත්වෙනවා.
අනතුරුව ඔක්තෝබර් 18 වැනිදා සිට 31 දා දක්වා තුන්කොන් එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා පිල 18දා පාකිස්තානයට එරෙහිව, 20දා එංගලන්තයට එරෙහිව රාවල්පින්ඩිහිදී තරග වැදීමට නියමිතයි.

ඉන් පසු ලාහෝර්හිදී පාකිස්තානය සහ එංගලන්තයට එරෙහිව යළිත් පිළිවෙළින් ඔක්තෝබර් 27 හා 29 ශ්‍රී ලංකා පිල මූලික වටයේ තරගවලට එක් වෙයි. 31 වැනිදා අවසන් මහා තරගය පැවැත්වෙනවා.

මේ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා පිල ඉස්ලාමාබාද්හිදී නොවැම්බර් 4 දා සිට තුන්දින පුහුණු තරගයකට එක් වන අතර, අනතුරුව නොවැම්බර් 9 රාවල්පින්ඩි සහ නොවැම්බර් 17 ලාහෝර්හිදී ටෙස්ට් තරග ආරම්භ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *