free web stats

හිටපු ජනපති ගෝඨාභය FCID යෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොට්ඨාසය වෙත කැඳවා තිබුණා.

ඒ අනුව අද (11) උදෑසන ඒ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියා.

එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පිටත්ව ගොස් තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය (FCID) ට පැම්ණෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කැඳවා තිබෙනවා.මේ වනවිට ඔහු (FCID) වෙත පැමිණ තිබෙනවා.

ඒ, මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බව වාර්තා වේ.

මේ අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා.

එහිදී ඒ මහතා පැය පහකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව ඉන් පිටව ගොස් තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *