free web stats

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය අද (15) පෙ.ව. 10.00ට නිකුත් කර ඇති අතර එය ප.ව. 11.30 දක්වා වලංගු වේ.

මේ අනුව උතුරු – මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් සහ අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලටප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අකුණු අනතුරු පිළිබඳ වැඩි අවදානමක් පවතියි.

එම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තවද, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු හා සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිට්යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *