කළුතර – කොළඹ ජල සැපයුමට දැවැන්ත ජල ව්යාපෘතියක්
කළුතර සහ කොළඹ දිස්ත්රික්කවල පවුල් ලක්ෂ 5කට පමණ පානීය ජල අවශ්යතා සපුරාලීම අරමුණු කරගත් කළුගඟ ජල ව්යාපෘතිය කඩිනමින් ආරම්භ කර නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ(14) පැවැත්වුණා.
ජපාන ජාත්යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ණය ආධාර යටතේ ක්රියාත්මක කිරීමට නියමිත මෙම ව්යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු වියදම රුපියල් බිලියන 73ක් වේ.
ව්යාපෘතිය යටතේ දිනකට ඝන මීටර් 140,000ක ධාරිතාවකින් යුත් නව ජල පිරිපහදු මධ්යස්ථානයක්, ජල ගබඩා කුලුනු සහ අවශ්ය නළ පද්ධති ඇතුළු යටිතල පහසුකම් රැසක් ඉදිකිරීමට නියමිතයි.
ව්යාපෘතිය නියමිත කාලසීමාව තුළ අවසන් කර ජනතාවට කඩිනමින් ප්රතිලාභ ලබාදීම සඳහා විශේෂ අවධානය යොමු කරන ලෙස මෙහිදී අවධාරණය කෙරුණා.
JICA ශ්රී ලංකා ප්රධාන සම්බන්ධීකාරක Honzu Shigeo මහතා ඇතුළු JICA නියෝජිත පිරිසක් සමඟ පැවති මෙම සාකච්ඡාවට අමාත්යාංශ ලේකම්වරයා, ව්යාපෘති අධ්යක්ෂවරයා සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීහු ද සහභාගී ව්ය.
ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි ප්රමාදයන් අවම කර ගනිමින් අදාළ සියලු පාර්ශ්වයන් අතර සමීප සම්බන්ධීකරණයක් සහිතව කටයුතු කිරීමේ අවශ්යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා.

