free web stats

ශිරන්ති රාජපක්ෂ රට්න් පිටවෙයි

ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඇය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වූ ඈන් ද ලිවේරා මහත්මියද පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් අද දින අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.

මේ අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දිනයේ දී අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *