ජොන්ස්ටන්ට එරෙහි නඩුවකට දින නියම කරයි
නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (16) දින නියම කර තිබෙනවා.
මෙම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට දැනුම්දුන්නේ මෙය මෝටර් රථ ආඥා පනත යටතේ පවතින නඩුවක් බවයි.
කෙසේවෙතත් මෙම නඩුකරය අවසන් වතාවට විභාගය සඳහා ඔක්තෝම්බර් මස 28 වනදා කැඳවන බවයි මහේස්ත්රාත්වරයා නියම කළේ.

