free web stats

ට්‍රම්ප්ගේ විධායක නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

අමෙරිකාවේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සංශෝධනය කිරීමට සහ සීමාවන් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබූ විධායක නියෝගය අත්හිටුවීමට දිස්ත්‍රික් අධිකරණයකින් දුන් තීන්දුව ඉවත් කරන ලෙස ට්‍රම්ප් පාලනාධිකාරිය කළ ඉල්ලීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

පසුගිය මාර්තු මාසයේදී ට්‍රම්ප් අත්සන් තැබූ එම විධායක නියෝගයට අනුව ඡන්දදායකයන්ගේ නාමලේඛනයක් තැපැල් සේවයට ලබාදීමට ප්‍රාන්තවලට සිදුවූ අතර, තැපැල් සේවය අනුමත කළ ඡන්ද පත්‍රිකා කවර පමණක් භාවිත කළ යුතු බවට නීතිරෙගුලාසි පනවා තිබේ.

මීට අමතරව නව නීතියට අනුකුල නොවන හා ලැයිස්තුගත ලියාපදිංචි ඡන්දදායකයන්ට අයත් නොවන ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කිරීමට තැපැල් සේවයට බලය පවරා තිබූ බව ද වාර්තා වේ.

එහෙත් එම විධායක නියෝගයෙන් අමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමට ඉඩ ඇති බවත්, මැතිවරණයක් ආසන්නයේදී එවැනි නීතියක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බවත් සඳහන් කරමින් දිසා විනිසුරු ඉන්දිරා තල්වානි එම නියෝගය අත්හිටුවීමට පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *