free web stats

රංගන ශිල්පි ව්ශ්ව කොඩ්කාර කෝකෙන් සමග මාට්ටු

කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හෙතුවෙන් ජනප්‍රිය රංගන ශිල්පි විශ්ව කොඩිකාර ඊයේ දිනයේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

වැල්ලවත්ත පොලිසියට ඊයේ 16 දින රාත්‍රීයේදී ලද තොරතුරකට අනුව වෙරළ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක සිදු කරන ලද වැටලීමකදී රංගන ශිල්පී ව්ශ්ව කොඩ්කාරව අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී, රංගන ශිල්පී විශ්ව කොඩිකාර ඇතුළු පස් දෙනෙකු පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගනු ලැබ තිබූ අතර අද 17 දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන් ඉදිරිපත් කෙරුණා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විශ්ව කොඩිකාර සන්තකයේ කොකේන් මිලිග්‍රෑම් 1050ක් තිබී සොයා ගත් බව වැල්ලවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශය ව්සින් ගල්කිස්ස අධිකරණයට කරුණු දක්වමින් දන්වා සිට්යා.

ඒ අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද 17 දින රුපියල් පන් දහසක දඩයක් ඔවුන්ට නියම කර තිබෙනවා.ඒ විශ්ව කොඩිකාර එම වරද පිළිගැනීමෙන් පසුව යි.

නැවතත් මෙවැනි වරදක් සම්බන්ධයෙන් අධිකරණයට පැමිණියහොත් පුනරුත්ථාපනයට යොමු කරන බවට මහේස්ත්‍රාත්වරිය මෙහිදී විශ්ව කොඩිකාර ඇතුළු පිරිසට අවවාද කර ද තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *