පොලිස් නිෂ්කාශන සහතික ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංක 03ක්
පොලිස් නිෂ්කාශන සහතික පත් ලබාගැනීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
පැය 24 පුරා ක්රියාත්මක අදාළ දුරකථන අංක ඔස්සේ පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය අමතා අයදුම්කරුවන්ට නිෂ්කාශන අයදුම්පත් යොමුකිරීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ.
පරිගණක පද්ධතියේ අත්යාවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත ක්රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික ලබාගැනීම සඳහා අයදුම්පත් යොමු කිරීම මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
නිෂ්කාශන පරිගණක පද්ධතිය යථාවත් වන තුරු ප්රාදේශීය පොලිස් ස්ථාන මට්ටමින් අදාළ නිෂ්කාශන සහතික ලබාගැනීම සඳහා වන අයදුම්පත් භාරගැනීම සිදු වන බවයි පොලිස් ප්රකාශක මාධ්ය සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් 071 859 59 46 , 071 859 59 47 , 071 859 59 48 යන දුරකථන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකියාව පවතින බව පොලිස් මූලස්ථානය පවසනවා.

