free web stats

T20 වාර්තා අලුත් කළ අභිෂේක් ෂර්මා

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ පූර්ණ සාමාජික රටවල් දෙකක් අතර පැවැති තරගයකදී වේගවත්ම ශතකය වාර්තා කළ පිතිකරුවා බවට පත්වෙමින් ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා අද (17) අලුත් වාර්තාවක් පිහිටුවීමට සමත් වූවා.

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව දිල්ලි හිදී පැවැත්වෙන තරගයේදී ඔහු මෙම දක්ෂතාව ප්‍රදර්ශනය කළා.

ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාරයක නිරත වූ ෂර්මා, සිය ශතකය පන්දු 30ක් පමණක් වැය කරමින් සම්පූර්ණ කළා.

ඔහු පන්දුවාර 9.5කදී පළමු කඩුල්ල වෙනුවෙන් සංජු සැම්සන් සමගින් ලකුණු 142ක සබඳතාවක්ද ගොඩනැඟූ අතර, එහිදී හයේ පහර 11ක් සහ හතරේ පහර 9ක් සමඟින් වේගවත් ලකුණු 108ක් රැස්කර සිටියදී දැවී ගියා.

මීට පෙර පූර්ණ සාමාජික රටවල් අතර වේගවත්ම T20 ශතකයේ වාර්තාවට හිමිකම් කීවේ නවසීලන්තයේ ෆින් ඇලන් වේ.

ඔහු මෙම වසරේ ඉන්දියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 33කින් එම ශතකය රැස්කර එම වාර්තාව පිහිටුවා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *