22 ගැන ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක ජගත් වික්රමරත්න මහතා වෙත ලැබී තිබෙනවා.
ඒ අනුව අදාළ තීරණය අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි.
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
අනතුරුව එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වුණා.
ඒවා විභාග කළ අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්ගල විනිසුරු මඬුල්ල දැනුම් දුන්නේ පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූලභාවය පිළිබඳ තීරණය කථානායකවරයා වෙත යොමුකරන බවයි.
ඒ අනුව 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්රේෂ්ඨාධිකරණයේ රහස්ය තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබෙනවා.

