free web stats

ශ්‍රී ලංකා එංග­ලන්ත එක්දින තර­ගා­ව­ලිය අද ඇරඹේ

සංචා­රක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම සහ එංග­ලන්ත කණ්ඩා­යම අතර තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය අද (22) චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී ආරම්භ වීමට නියමතයි.

දිවා රාත්‍රී තර­ග­යක් වන මේ තර­ගය ශ්‍රී ලංකා වේලා­වෙන් පස්වරු 5.00ට ආරම්භ වන අතර, එය එංග­ලන්ත වේලාව අනුව දහ­වල් 12.30 වනවා.

මින් පෙර දෙපිල අතර පැවති තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය 3-0ක් ලෙස පූර්ණ පරා­ජ­ය­කින් පසුව ශ්‍රී ලංකා පිල අද (22) පිටි­යට පිවි­සී­මට සිදුව ඇත්තේ එක්දින පිටි­යේදී හෝ අහිමි වූ ගෞර­වය රැක ගැනීම සඳ­හායි.

සීමිත ඕවර කණ්ඩා­ය­ම්වල නිත්‍ය නායක කුසල් මෙන්ඩිස් මේ තර­ග­යෙන් යළි කණ්ඩා­ය­මට එක්වන අතර, විස්සයි20 සංචි­තයේ නොසිටි පවන් රත්නා­යක, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මදු­ශංක සමග තව­මත් ජාත්‍ය­න්තර වරම් දිනා නැති සචිඳු කොළ­ඹගේ මේ සංචි­ත­යට එක්ව සිටිනවා.

ශ්‍රී ලංකා එක්දින පිල එංග­ලන්ත භූමි­යේදී සාර්ථ­ක­ත්ව­යක් පෙන්වා ඇති අතර, මෙතෙක් එර­ටදී පැවති තරග 25කින් තරග 12ක් ජය ගැනී­මට ශ්‍රී ලංකා පිල සමත්ව තිබෙනවා.

එංග­ල­න්තය තරග 13ක් ජය­ගෙන ඇති අතර, අව­සන් වරට එක්දින තර­ගා­වලි ජයක් ශ්‍රී ලංකා පිල සතුවී ඇත්තේ 2014 වස­රේ­දීයි.

තරග 5කින් සම­න්විත එම තර­ගා­ව­ලිය ශ්‍රී ලංකා පිල ජය ගෙන ඇත්තේ 3-2ක් ලෙසින්.

ජගත් එක්දින පිටි­යේදී 82 වරක් හමුව ඇති මේ දෙපිල අත­රින් තරග 40ක් එංග­ල­න්ත­යත්, තරග 38ක් ශ්‍රී ලංකා­වත් ජය­ගෙන තිබෙනවා.

හැරී බෲක්ගේ නාය­ක­ත්ව­යෙන් තර­ගා­ව­ලි­යට එක්වන එංග­ලන්ත පිලට සුපිරි පිති­කරු ජෝ රූට් එක්වන අතර, හෙන්රි ක්‍රොකොම්බි නව­ක­යකු ලෙස සංචි­ත­යට එක්ව සිටිනවා.

එක්දින ජාත්‍යන්තර තරග කාලසටහන

1 වැනි එක්දින ජාත්‍යන්තර තරගය

: සැප්තැම්බර් 22 වැනිදා (දිවා/රාත්‍රී), Chester-le-Street හී Riverside ක්‍රීඩාංගණයේ දී.

2 වැනි එක්දින ජාත්‍යන්තර තරගය

: සැප්තැම්බර් 24 වැනිදා (දිවා/රාත්‍රී) Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දී.

3 වැනි එක්දින ජාත්‍යන්තර තරගය

: සැප්තැම්බර් 27 වැනිදා London හී Kennington Oval ක්‍රීඩාංගණයේ දී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *