22 ගැන පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (24) ආරම්භ කිරීමට නියමිතයි.
පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් වන ශ්රේෂ්ඨාධිකරණ තීරණය පෙරේදා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එහිදී 22වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්ය නොවන අතර, ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් පමණක් සම්මත කිරීම ප්රමාණවත් බවට ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණා.
එලෙසම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන්නේ.
ඒ අනුව අද (24) දිනයේ සහ හෙට (25) දිනයේ ඊට අදාළ විවාදය පැවැත්වෙන අතර, හෙට (25) පස්වරුවේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.

