චින ක්රීඩිකා චෙන් යුජි වසර 24 ක සුසන්තිකාගේ ආසියානු ක්රීඩා වාර්තාව අලුත් කරයි
ශ්රී ලාංකික ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ විසින් පිහිටුවා තිබූ වසර 24 ක් පැරණි ආසියානු ක්රීඩා උළෙල වාර්තාවක් චීන ක්රීඩකාවක විසින් බිද හෙලනු ලැබුවා.
මෙම දක්ෂතාව දැක්වූයේ චීන ක්රිඩිකා චෙන් යුජි (Chen Yujie) විසින්.
චීන ක්රිඩිකා චෙන් යුජි (Chen Yujie) විසින් මෙලෙස බිඳ හෙලනු ලැබූයේ 100M කාන්තා ධාවන ඉසව්වේ ආසියානු ක්රීඩා උළෙල වාර්තාවයි.
තත්පර 11.15 කාලයකින් තරඟය නිමා කරමින් ලංකාවේ සුසන්තිකා ජයසිංහ එම වාර්තාව පිහිටුවනු ලැබ තිබුණා.
ඒ 2002 වසරේ කොරියාවේ පැවති ආසියානු ක්රීඩා උළෙලේදීයි.
චීන ක්රීඩකා චෙන් යුජි (Chen Yujie) පසුගිය (26) එම වාර්තාව බිඳ හෙලුවේ තත්පර 11.06ක කාලයකින් තරඟය නිමා කරමින්.
මේ සමග ඉසව්වේ රන් පදක්කම ද චෙන් යුජි (Chen Yujie) විසින් දිනා ගත්තා.
එහි රිදී පදක්කම දිනා ගත්තේ සිංගප්පූරු ක්රීඩකා ශාන්ති පිරෙයිරා විසින්.
බහරේන ක්රිඩිකා ඔඩින්ගෝ එඩිඩින්ගෝ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.
ආසියානු ක්රීඩාවට පැවැත්වෙන්නේ ජපානයේ අයිචි නගෝයාහීදීයි.
මෙම වාර්තාව බිඳවැටීම ආසියානු මලල ක්රීඩා ඉතිහාසයේ නව පෙරළියක් සටහන් කරන අතර, වසර 24ක් පුරා සුරක්ෂිතව තිබූ වාර්තාවක් මෙලෙස අලුත් වීම මලල ක්රීඩා ලෝකයේ විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

