පැපුවා දූපතේ ‘සදාකාලික හිම’ සදහටම අතුරුදහන් වෙයි ?
සමකයට ආසන්නව පිහිටි ඉන්දුනීසියාවේ පැපුවා කඳුකරයේ සියවස් ගණනාවක් පුරා පැවති ‘සදාකාලික හිම’ මේ වන විට වේගයෙන් අතුරුදන් වෙමින් පවතීනවා.
ඕස්ට්රේලියාවට උතුරින් පිහිටි මෙම කඳුකරය දේශගුණික ඉතිහාසය අධ්යයනය කිරීමට විද්යාඥයන්ට ඉතා වැදගත් ස්ථානයකි.
මීට සියවසකට පෙර සුදර්මන් කඳු පන්තියේ ප්රධාන කඳු මුදුන් හතරම ස්ථිර හිමෙන් වැසී තිබුණ ද, අද ඉතිරිව ඇත්තේ පුන්චක් ජයා කඳු මුදුන ආශ්රිත කුඩා හිම ප්රදේශ කිහිපයක් පමණි.
19 වැනි සියවසේදී එහි ග්ලැසියර ආවරණය හෙක්ටයාර් 1,900කට ආසන්න වූ අතර, අද එය හෙක්ටයාර් 16ක් පමණක් දක්වා අඩු වී තිබෙනවා.
ඉතිරි හිම ද වසරක් දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම අතුරුදන් විය හැකි බව විද්යාඥයෝ පවසයි.
මෙම ග්ලැසියරවල ඇති අයිස් හර තුළ පෘථිවියේ අතීත දේශගුණික තත්ත්වයන් පිළිබඳ වටිනා තොරතුරු සංරක්ෂණය වී තිබෙනවා.
එබැවින් හිම දියවීමත් සමඟ විද්යාඥයන්ට වැදගත් දේශගුණික ඉතිහාසයක් ද අහිමි වෙමින් පවතියි.
සමකයට ආසන්න ලොව අවසන් නිවර්තන අයිස් කලාපයක් ලෙස සැලකෙන පැපුවාහි මෙම ‘සදාකාලික හිම’ දියවීම, දේශගුණික විපර්යාසයේ තවත් ප්රබල සලකුණක් බව විද්යාඥයෝ පෙන්වා දෙයි.
BBC මූලාශ්ර ඇසුරිනි

