free web stats

දෙමටගොඩදී ගිනිඅවි 4ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ පිස්තෝල අවි 4ක් සමග තරුණයෙකු දෙමටගොඩ, සිරිධම්ම මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන
කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි අයෙකු බව පොලීසිය පැවසූවා.

මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්දගේ පුතා වන මලීෂ නැමැත්තාට අදාළ ගිනිඅවි අයත් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *