එයාර්බස් නඩුවට නාමල් යළි රිමාන්ඩ් – Update
බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව එයාර්බස් නඩුවට ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව අද (29) උදෑසන කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙන ආවා.
ඒ, ආන්දෝලනාත්මක ‘ක්රිෂ්’ ගනුදෙනුවට අදාළ නඩු කටයුත්ත සඳහා සහ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශයනකට අදාළවයි.
ආන්දෝලනාත්මක ‘ක්රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ පවරනු ලබන නඩුවකදී නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන සැකකරු ලෙස නම් කරනු ලැබුවා.
නාමල් අධිකරණයට
බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව අද (29) උදෑසන කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙන ආවා.
ආන්දෝලනාත්මක ‘ක්රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ පවරනු ලබන නඩුවකදී නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන සැකකරු ලෙස නම් කරනු ලැබුවා.
ඊට අදාළ නඩු කටයුත්ත සඳහා නාමල් රාජපක්ෂ මහතාව මෙලෙස අධිකරණයට රැගෙන විත් තිබෙනවා.