ප්රදේශ කිහිපයකට පැය 13ක ජල කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි
රත්නපුර, කොලොන්න ජල පවිත්රාගාරයේ සිදුකරන අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්රදේශ කිහිපයකට අද (30) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, අද පෙරවරු 9.00 සිට රාත්රී 10.00 දක්වා කාලය ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ.
එම කාලය තුළ මඩුවන්වෙල, කරගහයාය, මහයාය, කෑල්ල, අලුබෝද, වැල්කැටිය සහ ජදුර යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
එබැවින් අදාළ කාලය තුළ භාවිතයට අවශ්ය ජලය කල්තියා රැස්කර තබාගන්නා ලෙසත්, එම ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව පළ කර තිබෙනවා.

