free web stats

එක් නඩුවකින් නාමල්ට ඇප ලැබුණේ මෙහෙමයි – Update

එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසූවා.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කරනු ලැබූ අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කෙරුණා.

ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරු වෙත මහේස්ත්‍රාත්වරයා විසින් තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.

නාමල් අදත් අධිකරණයට රැගෙන එයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (30) යළිත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කර ඇත.

ඒ අනුව ඊට අදාළ නඩුකරය අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *