සෑම පළාතකටම ඖෂධ ගබඩා
ඖෂධ මිල අඩුවී ඇති බැවින් සෑම පළාතකම ඖෂධ ගබඩා පිහිටුවීම ආරම්භ කරන බව සෞඛ්ය නියෝජ්ය අමාත්ය හංසක විජයමුණි මහතා පවසනවා.
නියෝජ්ය අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ මාතලේ දිස්ත්රික් මහ රෝහලේ ඉදි කරන ලද නව නොමේරු ළදරු ඒකකය විවෘත කිරීම හා ළමා වාට්ටුව ප්රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
අංග සම්පූර්ණ නවීන පහසුකම් වලින් යුත් නව නොමේරු ලදරු ඒකකයක් පිහිටුවීම තුළින් ප්රදේශයේ සෞඛ්ය තත්ත්වය නංවාලීමට හැකි වනු ඇති බවයි අමාත්යවරයා එහිදී ප්රකාශ කළේ.
ඖෂධ විශාල ලෙස ගෙන්වීමත් සමග ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් සෑම පළාතකම රජයේ ඖෂධ ගබඩා පිහිටුවීමට පියවර ගන්නා බවයි අමාත්යවරයා පවසන්නේ.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්රික් සෞඛ්ය අධ්යක්ෂක විශේෂඥ වෛද්ය සුසන්ත ප්රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

