ලෝක ජනාවාස දිනයට සමගාමී පාපැදි සවාරිය අද නිට්ටඹුවෙන් ඇරඹේ
2026 ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්යාංශය සංවිධානය කරන පාපැදි සවාරියේ අවසන් අදියර අද (05) පෙරවරු 6.30ට නිට්ටඹුව නගරයෙන් ආරම්භ කෙරුණා.
ඊයේ (04) දඹුල්ල නගරයෙන් ආරම්භ වූ මෙම පාපැදි සවාරිය අද (05) අරලියගහ මන්දිරය අසලින් අවසන් කිරීමට නියමිතයි.
පාපැදි සවාරියේ පළමු අදියර ඊයේ (04) පෙරවරු 7.30ට දඹුල්ල නගරයෙන් ආරම්භ වී ගලේවෙල, මැල්සිරිපුර, කුරුණෑගල, පොල්ගහවෙල, අලව්ව, අඹේපුස්ස සහ වරකාපොල හරහා නිට්ටඹුව නගරයෙන් අවසන් කෙරුණා.
එම අවස්ථාවට බුද්ධශාසන නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ රාජ්ය නිලධාරීන් සහභාගී වී සිටියා.
අද (05) නිට්ටඹුවෙන් ආරම්භ වූ පාපැදි සවාරිය යක්කල, මිරිස්වත්ත, කඩවත, කිරිබත්ගොඩ, පෑලියගොඩ, ගාමිණී හෝල්, ලේක් හවුස් වටරවුම සහ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ගමන් කර අරලියගහ මන්දිරය අසලින් අවසන් කිරීමට නියමිතයි.
පාපැදි සවාරියේ සමාප්ති අවස්ථාව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්ය අමාත්ය ටී.බී. සරත් මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් ද ඊට එක්වීමට නියමිතව තිබෙනවා.
ලෝක ජනාවාස දිනයට සමගාමීව සංවිධානය කර ඇති මෙම පාපැදි සවාරිය සඳහා ශ්රී ලංකා පොලිසියේ සහ ශ්රී ලංකා ගුවන් හමුදාවේ ප්රමුඛ පෙළේ පාපැදි ධාවකයන් ද සහභාගී වී සිටිනවා.

