free web stats

WhatsApp තුළින් කෙරෙන මුල්‍ය අපරාධ වැඩිවේ

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි.

වට්ස්ඇප් සමූහ භාවිතා කිරීමේ දී මෙම ජාවාරම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා පවසනවා.

“ඒක කරන්නේ සමාජයේ පිළිගත් තනතුරු දරන පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් සොයා ගන්නවා. ඊට පස්සේ එයාගේ දින චර්යාවට ගැලපෙන විදියේ පණිවුඩයක් එනවා අහවල් වෙලාවට මේ මාතෘකාව යටතේ Zoom Meeting එකක් තියෙනවා ලොග් වෙන්න කියලා. ඒ එවන ලින්ක් එකට ඇඩ් වුණාම මීටින් එකට ඇඩ් වෙන එක ස්ථීර කරන්න ඔයාට අංකයක් එයි ඒක අපිට ලබාදෙන්න කියලා පණිවුඩයක් එයි. මේ එන්නේ තව කවුරුහරි කෙනෙක් මේ දුරකථන අංකයට වට්ස්ඇප් ගිණුමක් හදලා, වට්ස්ඇප් ආයතනයෙන් එවන OTP එක තමා මේ ඉල්ලන්නේ. කවුරුහරි ඒක දීපු ගමන් අර පණිවුඩය එවපු තැනැත්තා ඔයාගේ වට්ස්ඇප් ගිණුම ගන්නවා. එතකොට ඔයාගේ සියලු තොරතුරු අර වංචාකාරයා ළඟට යනවා. එයා යවනවා ඔයාගේ ෆෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයට මට පොඩි ප්‍රශ්නයක් මට සල්ලි එවන්න කියලා පණිවුඩ යවනවා. ගොඩක් අය විශ්වාස කරලා සල්ලි දානවා. ගොඩක් දවස් ගිහින් තමා ගිණුම ඔබට නැතිවෙලා කියලා දැනෙන්නේ. එතකොට සෑහෙන දෙනෙක් මේ වංචාවට හසුවෙන්න පුළුවන්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *